අද ලෝක වකුගඩු දිනය. අද වන විට ලෝකයේ මිලියන 850ක පිරිසක් වකුගඩු රෝගයට ගොඳුරු වී තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් 10%කට වඩා වැඩි පිරිසක්. ඉතිං වකුගඩු රෝගවලින් ආරක්ෂාවීම සඳහා වකුගඩුවල වැදගත්කම, ලොව පුරා පැතිර තිබෙන වකුගඩු රෝගය සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලින් ඇතිවන බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අද ලෝක වකුගඩු දිනය ලෙස නම් කර තිබෙනවා.
අපේ ශරීරයේ අත්‍යාවශ්‍යම අවයවයක් තමයි වකුගඩු කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම අපේ වකුගඩු ගැන සැළකිලිමත් වෙන්නම ඕනේ.
වකුගඩු රෝග ලක්ෂණ
* කෑම අරුචිය
* රක්තහීනතාවය
* ශරීරයේ අසාමාන්‍ය ඉදිමුම
* නිතර ඇතිවන මහන්සිය
* අසාමාන්‍ය ලෙස පවතින අධි රුධිර පීඩනය
* මුත්‍රා කරන විට ඇතිවන අපහසුතාවය
වකුගඩු රෝග ඇති වන්නේ ඇයි ?
* දියවැඩියාව
* අධි රුධිර පීඩනය
* ඇතැම් ඖෂධ වර්ග
* පරම්පරාගත රෝග
* මුත්‍රා මාර්ගයේ අවහිරතා
* අධික තරබාරුව
* දුම්වැටි සහ මත්පැන් භාවිතය
* ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම
ඔබත් වැඩිපුරම කැමති මේ කෑම වලටද ?
එදිනෙදා ජීවිතයේදී අපි වැඩිපුර හුරුවෙලා ඉන්නේ ක්ෂණික ආහාර අපේ කෑමවේලට එකතු කරගන්න. ඒ මොකද කිව්වොත් කාර්යබහුලත්වය නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවලට හුරුවීම තරමක් අපහසු වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ගන්න ආහාරවලට පුළුවන් අපේ වකුගඩුවල සෞඛ්‍යසම්පන්නභාවය අඩාල කරන්න. එම ආහාරවර්ග පහතින්,
01. සෝඩා සහ කෝලා බීම වර්ග
02. ටින් කළ ආහාර වර්ග
03. රටඉඳි
04. ටින් කළ අච්චාරු වර්ග
05. පැකට් කළ මස් සහ සොසේජස් වර්ග
06. අල චිප්ස් වර්ග
මේ වගේ ආහාර ඔබේ කෑමවේලට එකතු කර ගන්නවනම් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න වෙනවා. මොකද මේ ආහාර වර්ගවලට පුළුවන් ඔබේ ශරීරයේ අත්‍යාවශ්‍ය අංගයක් වන වකුගඩු අකර්මණ්‍ය කරන්න.
ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් රටඉඳි කොහොමද අපේ වකුගඩුවලට බලපෑම් කරන්නේ කියලා. ඇත්තටම රටඉඳි කියලා කියන්නේ හොඳ ආහාරයක් වුණාට වකුගඩු රෝගය සඳහා එතරම් ගුණදායක පළතුරක් නම් නෙමෙයි. ඒ මොකද කිව්වොත් රටඉඳිවල විශාල පෝෂක කොටසක් අන්තර්ගත වෙනවා. ඒ අතරින් පොටෑසියම් බහුලව පවතින පළතුරක් තමයි රටඉඳි කියලා කියන්නේ. රටඉඳි ගෙඩි 04ක පොටෑසියම් මිලිග්‍රෑම් 696ක් අඩංගු වෙනවා. ඔබ මේ කාරණය ඇහුවොත් පුදුම වෙයි. අපේ ශරීරයට දවසකට අත්‍යාවශ්‍ය වන පොටෑසියම් ප්‍රමාණයට වඩා 05ගුණයක් රටඉඳිවල අන්තර්ගත වෙනවා.
වකුගඩු රෝගයෙන් ආරක්ෂාවීමට කළ යුතු දේවල් මොනවද ?
* ජලය වැඩිපුර පානය කිරීම.
* අධික බර හෝ තරබාරුකම අඩු කර ගැනීම.
* දිනපතා ව්‍යායාම කිරීම.
* ලුණු අඩු ආහාර අනුභව කිරීම.
* වැඩිපුර පළතුරු සහ එළවළු ආහාරයට එකතු කර ගැනීම.
* දුම්පානය කිරීමෙන් වැළකීම.
* මත්පැන් පානය කිරීමෙන් වැළකීම.
වකුගඩු රෝගවලින් ආරක්ෂා වෙන්න ඔබත් අදම සෞඛ්‍ය සම්පන්න දිවියකට හුරු වෙන්න.
(colombotimes.lk)