දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ මැතිවරණය හා පොහොය දිනය හේතුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබීමට තීරණය කළ බවයි.
සුරාසැල් වසා තැබෙන දිනවල නීති උල්ලංඝණය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කළා.
(colombotimes.lk)