මහවැලි හිමිකම් පත් 1000ක් මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත ලබාදීම ඊයේ (15) ආරම්භ කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්.
'පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්' යන රජයේ ප්‍රතිපත්තිය යටතේ හිමිකම ජාතික වැඩසටහන මඟින් ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙය පවත්වා තිබෙනවා.
මෙම හිමිකම්පත් මහවැලි සී කලාපයේ ගොවි ජනතාවට ලබාදෙන අතර මෙය පියවරෙන් පියවර මහවැලි කලාප 10 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
