16 January 2026

logo

රවී කරුණානායකගේ නඩුවක් කල්යයි



හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින නියෝග කර තිබෙනවා. 

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 
 
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)