16 January 2026

logo

දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 05ක සිර දඬුවමක්



දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට වසර 05ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (16) තීන්දු කර තිබෙනවා.

ඒ, 2024 වසරේදී ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අසාර්ථක යුද නීති ප්‍රකාශනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට අදාළවයි.

බලය අනිසි ලෙස භාවිතා කිරීම, යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම සහ රජයේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු බව සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබෙනවා. 

(colombotimes.lk)