16 January 2026

logo

වෙනිසියුලානු විපක්ෂ නායිකාව තම නොබෙල් ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි



වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. 

ඒ විපක්ෂ නායිකාව සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර ඇමරිකාවේ ධවල මන්දිරයේදී පැවති හමුවකදීයි. 

වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය ඇමරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බව එම හමුවෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යවෙදීන් අමතමින් ඇය කියා සිටියා.

(colombotimes.lk)