තවදුරටත් දේශපාලන මැදමාවතේ නායකත්වය දැරීමට මහින්ද රාජපක්ෂට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ දැන් රනිල්ගේ ඔඩොක්කුවේ සිටින බවත් ඒ හේතුවෙන් තවදුරටත් මැදමාවතේ කොඩිය රැගෙන යාමට මහින්දට බැරි බවත් මන්ත්රීවරයා ප්රකාශ කළා.
කුරුවිට ප්රදේශයේ පැවති සම්මන්ත්රණයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)