12 December 2024


මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116ක් ඉවත් කරයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළා.

ඒ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පසුගිය 10වනදා ලිපියක් මඟින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116දෙනෙක් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)