02 February 2025


නීති විරෝධීව ගෙනා ලක්ෂ 53ක දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට



විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළින් රැගෙන යමින් සිටි ගුවන් මගියෙක් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800ක් අඩංගු දුම්වැටි කාටූන් 179ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් 5,370,000කට ආසන්න බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර දුම්වැටි තොගය ලබන 05වනදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)