පර්චස් 44ක, පර්චස් 39ක සහ පර්චස් 37ක පමණ වගා කර තිබූ ගංජා හේන් 03ක් ඊයේ (01) ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි.
එහිදී ගංජා ගස් 4,299ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 43 සහ 49 වයස්වල පසුවන කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)