22 November 2024


ඡන්දේ දාන්න යන්න බස් රථ රැසක් ධාවනයට



ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාව වෙනුවෙන් අදත් (14) සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි.

මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1300කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා.  

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රථ ධාවනය තරමක් සීමා වන බවයි.

බස් රථ 3000ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.  

(colombotimes.lk)