වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හී ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකළ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ වෙනුවෙන් සාකච්ඡාවක් ඊයේ (11) පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී සබන්වල ගුණාත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.