පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ දකුණු ආසියානු රටවල නිරීක්ෂකයන් ඇතුළු පිරිසක් ඊට එක්වන බවයි.
මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් මෙරටට විදෙස් නිරීක්ෂකයන් 10 දෙනෙක් පැමිණ තිබෙනවා.
අදාළ නිරීක්ෂකයන් රුසියාව සහ තායිලන්තය ඇතුළු රටවලින් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද (12) කොමිසම හමුවී සිය නිරීක්ෂණ ආරම්භ කරන බවද සභාපතිවරයා ප්රකාශ කළා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයන් ඊයේ (11) මැතිවරණ කොමිසම හමුවී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි.
(colombotimes.lk)