22 November 2024


අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුරුවා හරියි



අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර තිබෙනවා.

එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ ද්විත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම පැවරීම සිදු කර තිබෙනවා.     

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.    

(colombotimes.lk)