සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයෙක් වන රන්දෙව් දිනෙන්ද්ර ජෝන් කළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය අද (12) ප්රතික්ෂේප කළා.
ඒ ඇප ඉල්ලීම සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය රන්දෙව් දිනෙන්ද්ර ජෝන්ට මාස 06ක සිරදඩුවම් නියම කර තිබෙනවා.
විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම නොවැම්බර් මස 29 වනදා කැඳවීමට දින නියම කළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)