17 March 2025


මර්වින් සිල්වා යළි රිමාන්ඩ්



හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ලබන 24වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)