16 July 2025

logo

WhatsApp ඇමතුම් ලබාගැනීමට නව ක්‍රමවේදයක්



Meta ආයතනය විසින් WhatsApp සඳහා තවත් නව පහසුකමක් එක් කර තිබෙනවා. 

 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් WaBetaInfo පැවසුවේ, WhatsApp හරහා ඇමතුම් ලබා ගැනීමට නව Calling Button සහ Context Menu හඳුන්වා දීමට පියවර ගත් බවයි.
 
මෙය TestFlight beta Program හරහා පරිශීලකයාට හඳුන්වාදීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
දැනට මෙම පහසුකම යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ iOS beta පරිශීලකයින්ට පමණක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)