22 November 2024


හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාසවල ආරක්ෂාවට යුධ හමුදාව කැඳවයි



හිටපු අමාත්‍යවරුන් රැඳී සිටි රජයේ නිල නිවාසවල ආරක්ෂාවට යුධ හමුදාව කැඳවා තිබෙනවා.

එසේ යුධ හමුදා නිලධාරීන් කැඳවා ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුවයි.

නිල නිවාස 30කට අවශ්‍ය ආරක්ෂාව සඳහා හමුදා සාමාජිකයන් 50කට වැඩි පිරිසක් අනියුක්ත කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර සඳහන් කළා.

රජයේ නිල නිවාස යළි සුදුස්සන්ට භාර දෙන තුරු මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)