colombotimes.lk
සිංහල | English

11 May 2024

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක අමාත්‍යවරු දිවයිනට



එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසකගේ එකතුවෙන්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවයි.

එසේම මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 19 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)