colombotimes.lk
සිංහල | English

02 May 2024

Missing Titanic Submarine: "ටයිටැනික්" සොයා ගිය "ටයිටන්" ට අත් වූ ඉරණම



ටයිටැනික් නෞකාවේ සුනුබුන් සොයා පසුගියදා කුඩා ප්‍රමාණයේ ඇමෙරිකානු සබ්මැරීනයක් වන Titan උතුරු අත්ලාන්තික් සාගරයේ සංචාරයක් ආරම්භ කරා. 

මේ සංචාරය සඳහා සංචාරකයින් 5 දෙනෙක් එක්වී තිබුණා. 
 
අඩි 12,000ක පමණ ගැඹුරකින් මෙම සබ්මැරීනය ගමන් ආරම්භ කර තිබුණා. නමුත් පැය 1 විනාඩි 45කට පසුව මෙම සබ්මැරීනය මව් නෞකාව සමග තිබූ සබඳතාවලින් ඉවත්ව ගොස් තිබෙනවා. 
 
මෙම සබ්මැරීනය අඩි 13,500ක පමණ ගැඹුරකට ගිලී ඇති බවට සැක පළකරනවා. 
 
ඇමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරන පරිදි සබ්මැරීනය තුළ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය තවත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් බවයි. 
 
නමුත් මේවනතුරුත් සබ්මැරීනය සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. 
 
උතුරු අත්ලාන්තික් සාගරයේ පවතින දැඩි සිතල හමුවේ මෙම සබ්මැරීනය සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 
 
ලොව වැඩිම පිරිසක් මේවනවිට මේ සබ්මැරීනය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

Tharusha Nuwandika - Colombo Times