colombotimes.lk
සිංහල | English

17 September 2024


මන්කිපොක්ස් පාකිස්ථානය බිය ගන්වයි



පාකිස්ථානයේ එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි ජනතාව බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් පාකිස්ථානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම මන්කිපොක්ස් රෝග ලක්ෂණ බවට සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේදී දැඩිව පරීක්ෂා කිරීම සිදු කරන බවද එම වාර්තාවල සඳහන්.

(colombotimes.lk)