10 June 2026

logo

ගුරු සේවයට නව උපාධිධාරීන් 23,000කට වැඩි පිරිසක්



අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්ත‍මේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
 
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව පළාත් සභා මට්ටමෙන් එම බඳවා ගැනීම මේ වසර අවසානයට පෙර සිදු කරන බවයි.

මේ අතර පසුගියදා පැවැත්වූ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සීමිත සහ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කළා. 

ගුරු විභාගයේ ප්‍රතිඵල මත 23,006ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි. 

(colombotimes.lk)