29 June 2025

logo

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරගනියි



මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිදහස් කරගෙන තිබෙනවා.

එහිදී තරුණයින් 11දෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් නිදහස් කරගෙන ඇති බවයි වර්තා වන්නේ.

මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිතයි.

ඒ අනුව ඔවුන් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)