දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වී අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයෙක් යාත්‍රාවේ සිරවී සිටියදී බේරාගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන මේ වන විට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බවයි.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත් වූ මෙම යාත්‍රාවේ ධීවරයන් 5දෙනෙක් රැඳී සිටියා.
ඉන් එක් ධීවරයෙක් අද පෙරවරුවේ බේරාගත්තා.
එම අතුරුදන් ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ හමුවුණා.
ඒ අනුව මේ වන විට එම යාත්‍රාවේ සිටි තවත් එක් ධීවරයෙක් අතුරුදන්ව සිටිනවා.