මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබෙනවා.
මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා ලෙස නම් කර තිබෙනවා.
පර්යේෂකයන් සඳහන් කළේ එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා යනු වසර මිලියන 150කට පමණ පෙර ස්ටෙගෝසෝරස් සහ ඩිප්ලොඩෝකස් සමග සැරිසැරූ සත්ත්වයෙක් බවයි.
මෙම නව ඩයිනෝසර් විශේෂයේ අස්ථි බොහොමයක් 2021-2022 කාලසීමාවේ අමෙරිකාවේ කොලරාඩෝහී මොරිසන් සංයුතියෙන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)