ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ NDTV - Global Summit සැසිවාරය අමතමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනප්‍රියත්වය මූලික කරගත් නායකත්වයක් නොව අභිවෘද්ධිය අරමුණු කරගත් නායකත්වයකින් රට ඉදිරියට යන බවයි.
තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙන්ම එහි සීමාවන් සහ අවදානම අවබෝධ කරගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව විනිවිද භාවය තුළින් සමාජ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටින බවයි.
(colombotimes.lk)