18 October 2025

logo

රන් මිලෙහි වෙනසක්



මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 360,800ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එය ඊයේ (17) දිනයේදී සටහන් වුණේ රුපියල් 379,200ක් ලෙසයි. 

මේ අතර ඊයේ (17) දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද (18) වන විට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කළා. 

(colombotimes.lk)