18 October 2025

logo

බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද පදවිය අත්හරියි



බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද පදවිය අතහැර තිබෙනවා. 

ඒ යම් පුද්ගලයෙක් සමඟ පවතින සබඳතාවක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන්. 

රජ පවුලෙන් හිමි වූ පදවිය හෝ ගෞරව නාම තවදුරටත් භාවිත නොකරන බව ඇන්ඩෘ කුමරු නිවේදනය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චාල්ස් රජු සහ වේල්සයේ විලියම් කුමරුට ඔහු ඒ පිළිබඳව දැනුම්දී තිබෙන බවයි. 

එළිසබෙත් රැජිණගේ දෙවන දරුවා වන ඇන්ඩෘ කුමරු මින් ඉදිරියට කිසිදු රාජකීය උත්සවයකට සහභාගී නොවන බවටද නිවේදනය කර තිබෙනවා. 

(colombotimes.lk)