18 October 2025

logo

බස් රථයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ රියදුරු මාට්ටු වෙයි



අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අම්පාර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින්. 

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු සහ ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙක් බවයි. 

අම්පාර පොලීසියට ලැබුණ තොරතුරක් මත අද (18) උදැසන මෙම මෙහෙයුම සිදු කර සැකකරුවන් සහ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(colombotimes.lk)