18 October 2025

logo

ප්‍රසම්පාදනයෙන් තොරව සහල් ආනයනය කිරීමෙන් සතොසට වූ පාඩුව හෙළි කරයි



පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමෙන් ලංකා සතොසට රුපියල් 15,157,031,018ක පාඩුවක් සිදුවී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. 

ඒ ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
 
2014 සහ 2015 වර්ෂවලදී සිදු කළ ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124ක ආදායමක් බව කාරක සභාව පෙන්වාදී තිබෙනවා. 


(colombotimes.lk)