ජාතික ඩෝනට් දිනය අදට (02) යෙදී තිබෙනවා.
මෙය එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් විසින් සමරනු ලබනවා.
සෑම වසරකම ජූනි මාසයේ පළවෙනි සිකුරාදා දිනය ජාතික ඩෝනට් දිනය ලෙස නම් කෙරෙනවා.
මෙම උත්සවය ප්‍රථම වරට සැමරීම සිදුකර ඇත්තේ 1938 වසරේදීයි.
ඒ, චිකාගෝ හි ගැලවීමේ හමුදාව විසින් ඔවුන්ගේ සාමාජිකයින්ට ගෞරව දැක්වීම සඳහායි.
එම සාමාජිකයින් විසින් පළමු ලෝක යුද්ධයේදී හමුදා භටයන්ට ආහාර පිණිස ඩෝනට් ලබා දීම සිහිකරමින් මෙය සමරා තිබුණා.
(colombotimes.lk)