11 July 2025

logo

හමාස් විනාශ කරන බවට නෙතන්යාහු ප්‍රතිඥා දෙයි



රාෆාහි පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ ගුවන් ප්‍රහාරයක් ජාත්‍යන්තර හෙලාදැකීම මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යාමට ප්‍රතිඥා දී තිබෙනවා.

එහිදී පුද්ගලයින් 45 දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනක් දරුණු පිළිස්සුම් තුවාලවලට ලක් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නෙතන්යාහු කියා සිටියේ මෙය “ඛේදනීය අනතුරක් නමුත් සෑම ඉලක්කයක්ම සපුරා ගැනීමට පෙර යුද්ධය අවසන් කිරීමට මම අදහස් නොකරමි” යනුවෙන්.
(colombotimes.lk)