16 July 2025

logo

ඉන්දියාවේ මධ්‍යසාර නීති නිසා චිත්‍රපට සමාගම් අර්බුධයක



Netflix, Amazon සහ Disney ආයතන එක්ව ඉන්දියාවේ දුම්කොළ සහ මධ්‍යසාර පනත හේතුවෙන් මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. 

 
ඒ, එම නීතියට අනුව විකාශනය කෙරෙන චිත්‍රපට සහ නාට්‍ය වල අන්තර්ගතයන් විශාල ප්‍රමාණයක් සංස්කරණය කිරීමට සිදුවීම පිළිබඳවයි. 
 
මීට අමතරව සමාගම් වලට ඔවුන්ගේ චිත්‍රපට, නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම වල අන්තර්ගතයන්ට එරෙහිව නීතිමය තත්ත්වයන්ට සහ පොලිස් පැමිණිලිවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. 
 
එමෙන්ම සමහර අන්තර්ගතයන් ආගමික සංසිද්ධි වලට හානි කරන බවටද පැමිණිලි එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)