colombotimes.lk
සිංහල | English

02 May 2024

CWC23 - NED Vs SA | නෙදර්ලන්තයට ඉතිහාසගත ජයක්



2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා. 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස්කළා. 
 
ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි. 
 
මෙය නෙදර්ලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනවා.
(colombotimes.lk)
May be an image of 2 people and text