02 July 2025

logo

නව අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි



නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය අද (19) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.  

එමෙන්ම මහාධිකරණ විනිසුරු දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.



(colombotimes.lk)