colombotimes.lk
සිංහල | English

20 September 2024


SL Vs NZ - 1st Test | නවසීලන්ත පළමු ඉනිම නිමා වෙයි



සත්කාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දැවී ලකුණු 340ක් රැස් කරගත්තා.

තරගයේ තුන්වන දිනය වූ අද (20) දිනයේදී තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් පමණක් දැවී නවසීලන්ත කණ්ඩායම රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 255ක්.

කෙසේ වෙතත් එම ඉනිමට තවත් ලකුණු 85ක් එක්වන විට අනෙක් කඩුලු 6 බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් ලබා ගත්තා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 305ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 35ක් පිටුපසින් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)