06 August 2025

logo

හරක් කටා ඇතුළු 05දෙනෙක්ට අළුත් නඩුවක්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් 05දෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නව නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා. 

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරක් වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

ඉන්පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද අධිකරණය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)