මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායිහීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජාත්‍යන්තර පොලීසිය මඟින්.
අධිකරණය මඟින් ඇප නියම කර තිබුණද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබියදී ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී පසුගියදා නීති විරෝධී අයුරින් මෙරටින් පළාගොස් තිබෙනවා.
(colombotimes.lk)