colombotimes.lk
සිංහල | English

29 September 2024


නිරෝෂන් දික්වැල්ලට වසර 03ක තරග තහනමක්



පසුගියදා පැවැත්වුණ 2024 LPL තරගාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ල චෝදනා ලබා සිටියා.

පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූ අවස්ථාවේදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝෂන් දික්වැල්ල පිළිගෙන තිබුණා.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 03 ක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) තීරණය කර තිබෙනවා.
 
colombotimes.lk