colombotimes.lk
සිංහල | English

04 May 2024

මෙම කාලසීමාවේ ඡන්ද නෑ - ඇමති බන්දුල



මෙම කාලසීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට පිස්සුවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
සංවර්ධන කටයුත්තකට හෝ එදිනෙදා කටයුතු සඳහා රජය මුදල් සපයා ගන්නේ ඉතා අමාරුවෙන් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
 
කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)