දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් කිසිදු තොරතුරු රැස් කිරීමක් සිදු නොකරන බවයි.
විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් මේ දිනවල දකුණු කොරියාවේ E-8 රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට තොරතුරු රැස් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)