2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ රුපියල් 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි.
එමෙන්ම අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
(colombotimes.lk)