27 December 2025

logo

ආපදාවන්ට ලක්වූ පවුල් සඳහා ලබාදෙන දීමනාව ගැන දැනුම්දීමක්



ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාව, පවුල් 3665කට ගෙවා අවසන් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. 

එහි අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක සඳහන් කළේ ඒ සඳහා පවුල් 147628ක් සුදුසුකම් ලබා ඇති බවයි. 

25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)