18 September 2025

logo

වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් ගණන හෙළි කරයි



ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 

ඔහු කියා සිටියේ පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන් පිරිසක් මෙලෙස වැඩතහනමට ලක්ව ඇති බවයි.
 
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)