ජාතික ඩෙංගු මර්දන සතියේ 05වන දිනය වන විට පාසල් 185ක මදුරු කීටයක් බෝවන ස්ථාන සොයා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ එම දිනවල පාසල් 298ක් පරීක්ෂාවට ලක් කළ බවයි.
ජාතික ඩෙංගු මර්දන සතිය යටතේ මදුරුවන් බෝ වන පරිශ්‍ර 3,886ක් හදුනාගෙන තිබෙනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ එහිදී පරිශ්‍ර 100කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)