Colombo Times සහෝදර සමාගමක් වන O2 Digital පුද්ගලික සමාගම සිය සේවා සැපයුම පුළුල් කරමින් දකුණු ලක ආවරණය කිරීම වෙනුවෙන් විශේෂ වූ O2 Dakshina ආයතනය ඊයේ (20) ආරම්භ කෙරුණා.
ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ පස්වරුවේ CT One ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා.
මේ සඳහා CT One සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී සජීව ද සිල්වා, O2 Dakshina සම්බන්ධීකාරක දිලුෂ සඳරුවන් සහ CT One සමූහයේ ආයතනවල සාමාජික සාමාජිකාවන් සහභාගී වුණා.
එම උත්සව අවස්ථාවේදී O2 Dakshina නිල වශයෙන් ආරම්භ කරමින් සමරුසටහන් හුවමාරු කරගැනීම සිදුවුණා.
එම අවස්ථාවේ ඡායාරුප පහතින්,
දකුණු ලක විසිරි සිටින සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් වෙත Digital අලෙවිකරණ ක්‍රමෝපායන් සමීප කරවීමේ අරමුණ ඇතිව O2 Dakshina ආරම්භය සිදුවනවා.
ඒ අනුව දකුණු පළාත තුළ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර Digital මාධ්‍ය තුළ ප්‍රවර්ධනය, සමාජ මාධ්‍ය කළමනාකරණය, වීඩියෝ දැන්වීම් නිෂ්පාදනය O2 Dakshina හරහා සිදුවනු ඇතියි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අමතන්න සඳරුවන් - 076 883 2000
(colombotimes.lk)