අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගයේ බත්ගොඩ ප්‍රදේශයෙන් කොටසක් ඊයේ අවහිර වීම හේතුවෙන් එම ප්‍රදේශයේ'ගමනාගමනයට බාධා එල්ල වුණා.
මෙම සිද්ධිය හේතුවෙන් මාර්ගය වසා දැමීමට බලධාරීන්ට සිදුවුණා.
කෙසේ වෙතත් එම ප්‍රදේශය නැවත ඇගයීමෙන් අනතුරුව අද පෙරවරුවේ එම මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘත කිරීමට නිලධාරීන් එකඟ වී තිබෙනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්ප්‍රාදේශීය සභාව, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය සහ දැව සංස්ථාව එක්ව රථවාහන ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මාර්ගයේ එකතු වී ඇති සුන්බුන් ඉවත් කර වාහන සහ මගීන් සඳහා ආරක්ෂිත කිරීම සඳහා කණ්ඩායම් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
(colombotimes.lk)