29 July 2025

logo

මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පුලියන්කුලම, පරසන්කුලම් ප්‍රදේශයේදී පාලනයෙන් ගිලිහිණු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වූ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)