06 July 2025

logo

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි



ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 

එමෙන්ම ඇතැම් වගන්තිවල කාරක සභා අවස්ථා සංශෝධනවලින් පසු සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 
 
අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 45 ක් පමණ ගොනු කර තිබුණා. 
 
ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙන්ගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනුණා.
(colombotimes.lk)