ඊයේ (29) පැවති මුදල් කාරක සභාවේදී දේශීය ණය ප්රතිව්යුගතකරණයගත කිරීමේ සැලැස්ම පිළිබඳව දීර්ඝව සකච්ඡා කළ බව මුදල් කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඊට බැංකු, රක්ෂණ ආයතන, ETF සහ EPF අරමුදල් සඳහා වන ආයතන කැඳවා තිබුණා.
සභාපතිතුමා එහිදී කියා සිටියේ, කාර්මික සේවා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙතට යම් බලපෑමක් සිදුවන බවයි.
අදාළ කාරක සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වී තිබෙනවා.
එහිදී විපක්ෂ නායකවරයාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් උද්ගත වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියා.
කෙසේ නමුත් අද (30) යළිත් මුදල් කාරක සභාව රැස් වන අතර එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළා.
එහිදී හර්ෂ ද සිල්වා මහතා දැක්වූ අදහස් පහතින් (VIDEO)...
(colombotimes.lk)